දෙහෙනකන්ද හරහා සිරිපා ගමන - Dehenakanda Sripada Trail
ඔක්තෝබර් මාසෙ මුල් සතියෙ වගේ අපේ යාලුවොන්ගෙන් යෝජනාවක් ආව මේ වාරෙ සිරීපාදෙ යමු කියල. හැබැයි දන්න කියන ප්‍රධාන පාරවල් තුනෙන් නෙවෙයි. අලුත්ම විදියෙ අත්දැකීමක් තමයි හැමෝටම ඕන උනේ. "දෙහෙනකන්දෙන් යමු" ... හැමෝම ඒකට එකඟ උනා. "දැන්මම දිනයක් වෙන් කරගමු." කට්ටියක් එක්ක ගමනක් යන්න අමාරු ඉතින් එක එක්කෙනාට එන්න පුලුවන් දවස් වෙනස් නිසා. ඒක නිසා අපි තීරණය කරා සිරිපා වාරය පටන් ගත්තට පස්සෙ ඒ ලඟම දවසක කරුණා කරන්න. කාළගුණය එහෙම බලල වහින්නෙ නැති දවස් හොයල හොයල අන්තිමට දෙසැම්බර් 16-17-18 යමු කියල තීරණයකට ආව. කාළගුණය ගැන අදහසක් ගන්න අපිට www.accuweather.com සහ www.windy.com යන වෙබ් අඩවි උදව් උනා. දැන් ඉතින් ගමන යන්න ප්ලෑන් කරන්න තියෙන්නෙ. දෙහෙනකන්දෙ ඉන්න තැනක් හොයා ගන්න ඕනෙ. එතකොට තමයි මතක් උනේ ජැක්සන් ඇන්තනි මහතගෙ කළු ගඟ දිගේ වැඩසටහනේ පෙන්නපු Eco Nature Resort - දෙහෙනකන්ද . එහි අයිතිකාර ප්‍රසන්න මහතට කෝල් කරා. මේ ඔහුගෙ විස්තර. www.facebook.com/Dehenakanda 076 670 4488 - ප්‍රසන්න 076 466 7861 - තිවංක ගූග්ල් මැප් ලොකේෂන් එක : https://goo.gl/maps/wXWjS723YPx41xkDA පළමු ඇමතුමේ ඉ...